මියැ යුතු නම් මා

Translated to Sinhala by

මියැ යුතු නම් මා

ජීවත් වෙනු නුඹ

කියන්නට මා කථාන්තරය

විකුණන්නට මා දේපළ

ගන්නට ඉන් මිලදී

සුදු රෙදි කඩක්

නූල් පොටක්

තනන්නට දිගු වල්ගයක්

ඇති සරුංගලයක්

ගාසා හී කොතැනක හෝ

ගිණි ජාලාවකින්

සමු නොදී සමු ගත්

පියා එනතුරු

අහස බලනා දරුවෙකු

ගැටෙන්නට ඇස

සිතන්නට දෙව්දුවකදැයි

සෙනහස රැගෙන එන

මියැ යුතු නම් මා

දෙනු මැන එය බලාපොරොත්තු

වෙනු මැන එය කථාන්තරයක්


A poem by Refaat Alareer.